Saturday, May 16, 2020

100 Percent

පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමයෙක් එකට සෙල්ලම් කරමින් සිටියහ. පිරිමි ළමයා සතුව වීදුරු බෝල(ටීක් බෝල) එකතුවක් තිබුණු අතර, ගැහැණු ළමයා සතුව රසකැවිලි කිහිපයක් විය. ගැහැණු ළමයා සතු වූ රසකැවිලි වලට කැමති වූ පිරිමි ළමයා ඇයට පැවසුවේ ඇය සතුව ඇති රසකැවිලි වෙනුවෙන් ඔහු සතුව ඇති වීදුරු බෝල සියල්ල ලබා දෙන බවයි. ගැහැණු ළමයා එකඟ විය.

පිරිමි ළමයා වඩාත් ලස්සන හා විශාලතම වීදුරු බෝල ඔහු ළඟ තබාගෙන ඉතිරි වීදුරු බෝල ඇයට දුන්නා. දැරිය පොරොන්දු වූ පරිදි ඇය සතු වූ සියලු රසකැවිලි ඔහුට ලබා දුන්නා. එදින රාත්‍රියේ දැරිය සාමකාමීව නිදා ගත්තාය. නමුත් පිරිමි ළමයාට සුවසේ  නිදා ගැනීමට නොහැකි විය. ඔහු, තමා  සතු වූ හොඳම වීදුරු බෝල තමා සැඟවූ අයුරින්ම ගැහැණු ළමයාද ඔහුගෙන් රසකැවිලි කිහිපයක් සඟවා ඇත්දැයි කල්පනා කරමින් සුව නින්දට බාධා පමුණුව ගත්තේය. 

උපදේශය:

ඔබ සම්බන්ධතාවයකින් සියයට සියයක් (100%) ලබා නොදෙන්නේ නම්, අනෙක් පුද්ගලයා, ඇයගේ / ඔහුගේ සියයට සියයක් (100%) ලබා දී ඇත්දැයි ඔබ සැමවිටම සැක කරනු ඇත. එබැවින් සෑම විටම ඔබ අවංක වන්න. ආදරය, සේවකයා - සේවායෝජකයා, මිත්‍රත්වය, පවුල, වැනි ඕනෑම සම්බන්ධතාවයකට මෙය අදාළ වේ.

~ පරිවර්තනය සිසිල සඳරුවන්.